Thursday 30th of April 2026

English Tamil
Advertiesment


විපක්ෂනායක සහ නොර්වේ විදේශ කටයුතු රාජ්‍ය ලේකම් අතර හමුවක්..!


2026-03-04 14900

 

සජිත් ප්‍රේමදාස මහතා ශක්තිමත් ශ්‍රී ලංකා-නෝර්වේ සහයෝගීතාව සඳහා උපායමාර්ගික රාමුවක් ගෙනහැර දක්වයි

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ඇන්ඩ්‍රියාස් ක්‍රාවික් මහතා අතර සුවිශේෂ හමුවක් සිදු විය. මෙහි දී ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාව වර්ධනය කිරීම සඳහා ඉදිරි දැක්මක් සහිත උපාය මාර්ගයක් ඉදිරිපත් කිරීම ද සිදු විය.

දිට්වා සුළි කුණාටුවෙන් පසු CERF, WFP සහ රතු කුරුස සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික හවුල්කරුවන් හරහා නෝර්වේහි කඩිනම් NOK මිලියන 24 ක මානුෂීය ප්‍රතිචාරය මෙන්ම යුද්ධයෙන් පසු බිම්බෝම්බ ඉවත් කිරීමේදී නෝර්වේ රජය ලබා දුන් සහයෝගය ඉතා අගය කරන බව විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

හරිත කාර්මික රටාවකට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව මෙහි දී ගෙන හැර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ලෝක බැංකුවේ ඇමරිකානු ඩොලර් මිලියන 150 ක පිරිසිදු බලශක්ති වැඩසටහන ඉස්මතු කරමින් සහ පාවෙන සූර්ය බලාගාර සහ සුළං ඇතුළු පුනර්ජනනීය බලශක්තිය සඳහා නෝර්වීජියානු විශේෂඥතාව සඳහා ආරාධනා කළේය. එසේම පොසිල ඉන්ධන යැපීම අඩු කිරීම පාරිසරික ප්‍රමුඛතාවක් සහ ව්‍යුහාත්මක ආර්ථික අවශ්‍යතාවක් බවත් ඔහු මෙහි දී අවධාරණය කළේය.

නිල් ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම, සමුද්‍රීය පාලනය ශක්තිමත් කිරීම සහ ධීවර කටයුතු, සමුද්‍ර ආරක්ෂාව සහ තිරසාර වරාය සංවර්ධනය පිළිබඳ සහයෝගීතාව වැඩි දියුණු කිරීම ද මෙහි දී අවධානය යොමු විය. එසේම 2028 ස්වෛරී ණය සීමාව සපුරාලීම සඳහා ආයතනික ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් අවධාරණය කළේය. බදු නවීකරණය, දේශීය සම්පත් බලමුලු ගැන්වීම සහ දූෂණ විරෝධී රාමු සඳහා තාක්ෂණික සහයෝගීතාව ද හෙතෙම මෙහි දී අපේක්ෂා කළේය.

ශ්‍රී ලංකාවේ අනාගතයේ මූලික කුළුණු ලෙස ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, මානව හිමිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සඳහා වූ කැපවීම නැවත වරක් ඉස්මතු කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය. මෙම සාකච්ඡාව අවසානයේ මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුද තත්ත්වය සහ එහි පුළුල් ආර්ථික හා භූ දේශපාලනික ඇඟවුම් ඇතුළු ගෝලීය වර්ධනයන් පිළිබඳ අදහස් හුවමාරුවකින් රැස්වීම අවසන් විය.

Advertiesment